December 4, 2021

Ada Rata

All news in one location

යුරෝපයේ එන්නත්කරණයට ලක්නොවූ අයට සීමා පැනවීමට හේතුව


යුරෝපයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෙල්ජියම,නෙදර්ලන්තය සහ චෙක්හි දෛනික ආසාදිතයින්ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් බෙල්ජියම සිනමාශාලා හා කෞතුකාගාර වෙත ඇතුළු වීමේදී කොවිඩ් ආරක්ෂක ටිකට්පතක් ලබාදීම අනිවාර්ය කර ඇති බව වාර්තා වනවා.

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර් ප්‍රකාශ කළේ ජර්මනියටත් කොවිඩ් හතරවැනි රැල්ල හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

ගතවූ පැය 24 තුළ ජර්මනියෙන් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52,826ක් බවද වාර්තා වල දැක්වෙනවා.

මේ හේතුවෙන් යුරෝපා රටවල පූර්ණ එන්නත්කරණය සිදු නොකළ පුද්ගලයින්ට දැඩි සීමා පැනවීමටද එම කලාපය තීරණය කර තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link