November 27, 2021

Ada Rata

All news in one location

යුද හමුදා මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා වාර්තාවක් බිඳවැටෙයි



57 වැනි ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල මේ දිනවල සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද එම ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනයයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා සංඥා බලකායේ කේ.එල්.එස්.කේ. පෙරේරා ක්‍රීඩිකාව සමත් වූවාය. ඒ රිටි පැනීමේ ඉසව්වෙනි. එහිදී ඇය වාර්තා කළ උස මීටර් 3.60 කි.

මීට අමතරව යුද හමුදා වාර්තා 03 ක් හා තරගාවලි වාර්තා 08 ක් පිහිටුවීමට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

මෙම තරගාවලිය ලබන සිකුරාදා (26) දක්වා පැවැත්වේ. තරගාවලි සමාප්ති උත්සවය හා ජය සංකේත ප්‍රදානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

UN




Source link