December 4, 2021

Ada Rata

All news in one location

යහපාලන නායකයත් අද ඉන්නේ ආණ්ඩුවේ



වර්තමානයේ රට මුහුණ පා තිබෙන සියලුම ප්‍රශ්නවලට මුල යහපාලන ආණ්ඩුව බවට ආණ්ඩු පක්ෂයේම ඇතැමුන් කරන චෝදනාව සාවද්‍ය බවත් යහපාලන ආණ්ඩු සමයේද රටේ ජනතාවට විශාල සේවයක් සිදුවුණු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 

“මම මේ ගරු සභාවෙදි දැක්ක දෙයක් තමයි සමහර වාද විවාදවලදි මේ සියලුම අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලු කරනවා. යහපාලනේ, යහපාලනේ තමා මේවා වුණේ කියාගෙන. ඉතිං යහපාලනේ නායකයාත් අද ඉන්නෙ ආණ්ඩුවේ. 

මම කියන්නට ඕනෙ මේ අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුළ ඇතිවෙච්චා නෙවෙයි, දීර්ඝ කාලයක් තිස්සෙ ඇතිවෙච්ච ප්‍රශ්න. විවෘත ආර්ථිකේ අනිසි ප්‍රතිඵල නිසා අද ජනතාව දුක් විඳින්නෙ. විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත වගේම විශේෂයෙන්ම විදේශ වත්කම් සහ මූල්‍ය කටයුතුවලදී තිබුණු අනිසි කළමනාකරණය, විධිමත් කළමනාකරණයක් නොතිබීම, දේශපාලනඥයින්ට ඕනෙ විදියට වැරදි විදියට කටයුතු කිරීම, අනවශ්‍ය දේවල් අධිසුඛෝපභෝගී දේවල් පිටරටින් ගෙන ඒම, මේ කියන කරුණු සැලකිල්ලට ගත්විට මූලික වශයෙන්ම මේක අවුරුදු 30ක 40ක ප්‍රශ්නයක්. 

ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදායක් මේ රටේ ඕනෙම ආණ්ඩුවක් බලයට ආවාම තිබුණු ආණ්ඩුවට දොස් කියන එක. හැම ආණ්ඩුවක්ම එහෙම තමයි. නමුත් ඒක සම්ප්‍රදායික සටන් පාඨයක්. ඒ නිසා මම කියන්නට ඕනෙ යහපාලන ආණ්ඩුව තුළත් විශාල වැඩකොටසක් මේ රටේ ජනතාවට අපි ඉෂ්ඨ කෙරුවා. අඩුපාඩුකම් තිබුණා, ඕනෙ තරම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා” 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි. 

RN




Source link