December 4, 2021

Ada Rata

All news in one location

මෝටර් රථ අනතුරක් නිසා හග්ගල උද්‍යානය අසළ උණුසුම් තත්ත්වයක් 📷


නුවරඑළිය – හග්ගල උද්‍යානය ආසන්නයේ සිදුවූ රිය අනතුරකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක්කරමින් ධාවනය කළ සිදුවීමක් මුල් කරගනිමින්.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූයේ එම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදුවුවත් ඊට බලධාරීන්ගෙන් නිසි විසදුමක් ලබා දී නොමැති බවට චෝදනා කරමින්. (Colombo Times)



Source link