November 29, 2021

Ada Rata

All news in one location

මෛත්‍රීට එරෙහි පාස්කු පෙත්සම විභාගයට දින නියම කරයි



පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. ඒ අනුව ලබන වසරේ මාර්තු 14 වැනිදා සිට 18 වැනිදා දක්වා පෙත්සම විභාගයට ගනු ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග වේ. බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, එල්.එම්.ටී.බී. දෙහිදෙණිය, එස්. තුරෛයිරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් සෙසු සාමාජිකයන් වේ.

කෙසේ නමුත් ගාමිනී අමරසේකර මහතා සහ ප්‍රියන්ත ජයවර්ධන මහතා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව අද දැනුම් දී තිබේ. ඔවුන් වෙනුවට වෙනත් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉදිරියේදී පත් කරනු ඇත.

UN




Source link