October 27, 2021

Ada Rata

All news in one location

මේ වියත් මගද කියත් මගද ? මං ඉල්ලා අස්වෙනවා



බෙන්තර ජනතාවගේ නියෝජිතයා ලෙස ආණ්ඩුව නියෝජනය කරන තමා බෙන්තර ආසනය සඳහා යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපීගොස් ඇති බව, පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් පිළිබඳව පැවති සාකච්ඡාවකදී තමාට ආණ්ඩුවෙන් සිදුවන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මන්ත්‍රීවරිය මේ බව පවසා තිබේ. මෙම සාකච්ඡාව සඳහා රමේෂ් පතිරණ අමාත්‍යවරයා සහ මොහාන් ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයාද සහභාගි වී තිබේ.

කුමාරසිංහ වැඩිදුරටත් පවසා තිබෙන්නේ ආණ්ඩුව ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩිලෙස කළකිරීමට පත්ව සිටින බවයි. වියත්මග පිළිබඳව උදම් අනමින් බලයට පත්වුවද දැන් සිටින්නේ වියත්මගද කියත්මගද යන්න තේරුම් ගැනීමට නොහැකි බවද මන්ත්‍රීවරිය පවසා තිබෙනවා.

මෙම පානීය ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ජනතාවට පානීය ජලය ලබාදීමට කටයුතු නොකළහොත් ඉල්ලා අස්වන බවයි ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කර තිබෙන්නේ.

UN




Source link