January 20, 2022

Ada Rata

All news in one location

මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තියා එක මයිල් ගහක්වත් අල්ලගෙන නැහැ



පාස්කු  ප්‍රහාරයේ මහ මොළකරු තියා එක මයිල් ගහක්වත් අල්ලගන්න වත්මන් ආණ්ඩුවට හැකි වී නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) පස්වරුවේ පැමිණිල්ලක් භාරදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත 
අදහස් දක්වමිනි. ඒ, ග්‍රේෂන් කෙරමිණිය නමැත්තා විසින් ආරම්භ කර තිබෙන පහනට තෙල් ව්‍යාපාරය මෙහෙයවන්නේ සමඟි ජන බලවේගයේ පිරිසක් (තමන්ද ඇතුළුව) විසින් බවට හැඟවෙන පරිදි වීඩියෝ සහ හඬ පට කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙන හෙයින් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව උත්සහ කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නය වසා දැමීමට බවයි. 

”ආණ්ඩුව අල්ලපු මවුලවි කෙනෙක් නැහැ. ඒ මවුලවිවරයාව අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය අවසන් වෙලා දින කිහිපයකට පස්සේ. ඒ අවස්ථාවේ පැවති අපේ ආණ්ඩුවෙන්. ඒ වගේම අද 211ක් අත්අඩංගුවේ ඉන්නවා 32කට නඩු පවරනවා කියනවා. ඒ ඔක්කොම අපේ ආණ්ඩුව කාලේ අල්ලපුව මිසක් ත්‍රස්තවාදීන්ගේ මහ මොළකරුවෝ තියා එක මයිල් ගහක්වත් අල්ලගන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක්  ලැබුණේ නැහැ.”

කෙසේවෙතත් මේ ආණ්ඩුව බලයට ආවේ රිෂාඩ් බදියුදීන්,අසාද් සාලි, මුජිබර් රහුමාන් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට සිය පාර්ශවයට විශාල ප්‍රහාරයක් එල්ලකරමින් වුවද මේ වන විට මහ මොළකරුත් වෙනස් වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.  

”මුලින් කිව්වා මහ මොළකරු සහරන් හෂීම් කියල. දැන් මවුලවි කෙනෙක් දාලාතියෙනවා මහ මොළකරු කියල. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නය වසාදාන්න.” 

”2006 දී මේ පිරිස්වලට නැගෙනහිර පළාතේ අවි ආයුධ ලබා දුන්නා. ඒ අවි ආයුධ ලබා ගත් අය අතර පොලිස් ෆායිස්,ආමි මොහිදීන් සහ රිල්වාන් හිටපු බව මේ පාස්කු වාර්තාවේ තියෙනවා. 2010 සිට තවුහිද් ජමාත් ව්‍යාපාරය ආදී පිරිස්වලට හමුදා බුද්ධි අංශ අනුග්‍රහය දක්වපු බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පිළිගෙන තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල  අමාත්‍යවරයාත්  රූපවාහිනී විවාදයකදී එය පිළිගත්තා.  ඒ අය සම්බන්ධයෙන්  අද වෙනකම් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?” 

මේ වෙද්දී සංවිධාන රැසක් තහනම්  කර තිබෙන අතර එසේ නම් එදා බුද්ධි අංශවලින් පඩි ගෙවා ඇත්තේ ඒ අයට විය හැකි නමුත් ඒ ගැන කිසිදු පරීක්ෂණයක් හෝ නොමැති බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී. 

 




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq