November 29, 2021

Ada Rata

All news in one location

මේක දඟපන්දු යවන්නන්ගේ ලෝක කුසලානයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ වනවිට පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය ‘දඟපන්දු යවන්නන්ගේ ලෝක කුසලානය’ ලෙස හැඳින්විය හැකි බව ඇෆ්ගන් සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පවසනවා.

සුපිරි 12 දෙනාගේ වටයේ සිට තරග පැවැත්වෙන ඩුබායි, අබුඩාබි, සාජා යන ක්‍රීඩාංගන තුනම දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර ක්‍රීඩාංගන බැවින් දඟපන්දු යවන්නන්ගේ දක්ෂතා මත තරගාවලියේ ප්‍රතිඵල තීරණය වනු ඇති බවයි ඔහු ‘ක්‍රිකට් මන්ත්ලි’ අන්තර්ජාල සඟරාවට පවසා තිබෙන්නේ.

ක්‍රීඩාංගනවල තණතිලි කුමන ආකාරයෙන් සකස් කළද ඒවා සැමවිටම දඟපන්දු යවන්නන්ට මනා සහයෝගයක් ලබාදෙන බවත් පසුගියදා අවසන් වූ IPL දෙවැනි අදියරේදීද දඟපන්දු යවන්නන්ගේ දස්කම් වඩාත් කැපී පෙනුණු බවත් රෂීඩ් පෙන්වා දෙනවා. ඒ අනුව සෑම කණ්ඩායමක්ම, සෑම නායකයෙක්ම කණ්ඩායමේ සිටින හොඳම දඟපන්දු යවන්නන් භාවිතා කරනු ඇති බවත්, ඔවුන් පිළිබඳව වැඩි විස්වාසයක් තබනු ඇති බවත් ඔහු පවසනවා.

ඇෆ්ගනිස්ථානය මෙවර ඉන්දියාව, පකිස්තානය, නවසීලන්තය යන සුපිරි කණ්ඩායම් සමග 02 කාණ්ඩයේ ක්‍රීඩා කරයි. එම කණ්ඩායම් තුනේම දක්ෂ දඟපන්දු වයන්නන් සිටින බැවින් ඇෆ්ගනිස්ථානයට අවසන් වටයට පිවිසීමට නම් දැඩි තරගයක් දීමට සිදුවනු ඇත. ‍ඇෆ්ගනිස්ථානය ඩුබායි, අබුඩාබි, සාජා ක්‍රීඩාංගන තුනේදී තරග 14 කට ක්‍රීඩා කර ඇති අතර එම තරග 14 ම ජයග්‍රහණය කර තිබීම ඔවුන්ට මානසික වශයෙන් යම් අස්වැසිල්ලක් වනු ඇත.

UN




Source link