October 25, 2021

Ada Rata

All news in one location

මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…


June 30, 2021 at 6:48 pm | lanka C news

මේජර් ජනරාල්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

මින්නේරිය වනෝද්‍යානය තුලදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කලේ යයි චෝදනා එල්ල වන මේජර් ජෙනරාල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගකර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කැකිරාව දිසා අධිකරණය විනිසුරු විසින් හබරණ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතයි.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු පිරිසක් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කරමින් පහර දුන්නේ යයි බී වාර්තාවක් මගින් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබින.

ඒ අනුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

5,371 views



Source link