October 17, 2021

Ada Rata

All news in one location

මෙවර විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකානු ජාතික කාන්තාවකට 📹


විශ්ව රූ රැජින තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුණා.

ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙමිනෝල් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රයේ දීයී.

මෙවර 69 වන වතාවටයි එය පැවැත්වුණේ.

විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත් වනවා.

මෙම තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක රූමතියන් 73 දෙනෙකු සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බ්‍රසීලය, ඉන්දියාව, පේරු රාජ්‍ය සහ ඩොමිනිකානු ජනරජය නියෝජනය කළ තරඟකාරියන්, ඇන්ඩ්‍රියා සමඟ අවසන් පස්දෙනා අතර පැමිණි සෙසු තරඟකාරියන් වනවා. (colombotimes.lk)





Source link