November 29, 2021

Ada Rata

All news in one location

මෙවර පද්ම ශ්‍රී සම්මානය දිනූ ලාංකිකයන්


ශ්‍රී ලංකා නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු, ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු ඉහළ ම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී සම්මානය” ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා අරලියහහ මන්දිරයේ දී අද (17) දින ප්‍රදානය කර තිබෙනවා.

ඉන්දීය ජනරජ දිනයේ දී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළ ම සිවිල් ගෞරව සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන 2020 වසරේ කලා ක්ෂේත්‍රය සඳහා කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙත පිරිනමා තිබෙනවා.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී 2021 නොවැම්බර් 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය “පද්ම ශ්‍රී සම්මානය” ලබා ගෙන තිබුණා.

මින් පෙර හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා ද 2002 වසරේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතින කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ඉන්දියානු මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සහ ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිගේ පවුලේ සාමාජිකයෝ ද එකතු වුණා. (colombotimes.lk)

Viber



Source link