October 19, 2021

Ada Rata

All news in one location

මෙරට සිට ක්‍රියාත්මක, IS හිතවාදී වට්ස්අප් ගෘෘප් එකක් ගැන පරීක්ෂණ !



ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් විසින් පවත්වාගෙන යන බවට සැක කෙරෙන වට්ස්අප් සමූහයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර‍ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පළාතේ සියලුම ඉහළ පොලිස් නිළධාරීන් දැනුවත් කර තිබෙනවා.

‘Interschool’ නමින් පවත්වාගෙන යන මෙම වට්ස්අප් සමූහය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන බවයි දැනට අනාවරණය කරගෙන තිබෙන්නේ. මෙම සමූහයට යම් පුද්ගලයෙකුට ආරාධනා කිරීමෙන් පසු සමූහයට එකතු වුවහොත් නැවත ඔහුට ඉන් බැහැර විය නොහැකි ආකාරයෙන් පවත්වාගෙන යන බවයි පොලීසිය හඳුනාගෙන තිබෙන්නේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිරීක්ෂණයකින් පසුවන අතර මෙම සමූහය පිළිබඳව පරීක්ෂණද ආරම්භ කර ඇත්‍තේ ඒ අනුවයි.

UN




Source link