November 30, 2021

Ada Rata

All news in one location

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක කොළඹ, අම්බලන්ගොඩ සහ බදුල්ල ඇතුලු ශාඛා රැසක සේවකයන් 70කට කොවිඩ් බවට තහවුරු වෙයි


මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ බැංකුවේ කොළඹ – අම්බලන්ගොඩ සහ බදුල්ල ඇතුලු ශාඛා රැසක සේවකයන්ට මෙලෙස වෛරසය වැළඳී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

අලුත් අවුරුද්දට පෙර ඒ ටී එම් යන්ත්‍ර වෙත තැන්පත් කිරීම සඳහා රුපියල් කෝටි 800 ක මුදලක් බෙදා දීම වෙනුවෙන් විශාල පිරිසක් එකවර කොළඹට කැඳවා තිබී ඇති බවටද වාර්තා පළවී තිබෙනවා. (Colombo Times)



Source link