December 4, 2021

Ada Rata

All news in one location

මෙරට තුළ නව කොවිඩ් ප්‍රභේදයක්? අසාධ්‍ය රෝගීන් වාර්තා වීම ඉහළ යයි



පසුගිය කාලය පුරා මෙරටින් කොවිඩ් ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වූ නමුත් ඔවුන්ගෙන් බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අතර අසාධ්‍ය රෝගීන් වාර්තා වූයේද අවම වශයෙනි. කෙසේ නමුත් මේ වනවිට දැඩි සත්කාර ඒකකවලට යොමු කරන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට තුළ නව කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන්නේද යන්න පිළිබඳව සැක මතුවන බවයි. බරපතල රෝග ලක්ෂණ සහිත වේගවත් ව්‍යාප්තියක් සහිත නව ප්‍රභේදයක් ව්‍යාප්තව තිබෙන්නේද යන්න පිළිබඳව සැක කරන බවත්, ඒ අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අලුත් අවුරුදු උත්සව සමය අවසන්වීමෙන් පසුව මෙරටින් හමුවන ආසාදිතයන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතින අතර ඇතැම් ස්ථානවල එකවර ආසාදිතයන් පොකුරු වාර්තා වීමද නැවත ආරම්භ වී තිබෙනවා.

UN




Source link