October 27, 2021

Ada Rata

All news in one location

මෙරට තුළ කොවිඩ් ආසාදිතයින් සහ දෛනික මරණ වාර්තා වීමේ අඩුවක්


දෙසතියක් තුළ මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 53%කින් පහළ ගොස් ඇති බවත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 48%කින් පහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දත්ත විශ්ලේෂණයේදී අනාවරණය වුණා.

ඊයේ (18) මෙරටින් හඳුනාගැනුණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,986ක් වූ අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 2,000 සීමාවට අඩුවෙන් වාර්තා වී ඇත්තේ දින 50 කට පසුව වීම විශේෂත්වයකි.

දෛනික මරණ සංඛ්‍යාව සැලකීමේදී සැප්තැම්බර් 17 වනදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 84ක් රජය ඊයේ නිවේදනය කළා. මෙලෙස දෛනික මරණ සංඛ්‍යාවද 100 සීමාවට අඩුව ඇත්තේ දින 40කට පසුව වීම විශේෂත්වයකි.

අදට දින 14කට පෙර දෛනික මරණ සංඛ්‍යාව පැවතියේ 180ක් වැනි ඉහළ අගයක පැවතියා.

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ නව බලාපොරොත්තුවක් සමඟ ඉදිරියට යෑමේ අරමුණින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් සජීවි රූපවාහිනි වැඩසටහනක් අද (19)විකාශය කෙරුණා.

එහිදී අදහස් දක්වමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවත් පසුගිය අගෝස්තු 20 වනදා සිට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මෙලෙස මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් පහළ යාමට බලපා ඇති බවත්ය. (colombotimes.lk)

Viber



Source link