October 25, 2021

Ada Rata

All news in one location

මෙම මස අවසන් වීමට පෙර සහන මිලට පොල් තෙල්


වස විසෙන් තොර ගුණාත්මක භාවයෙන් ඉහල පොල් තෙල් මෙරටදීම නිපදවා මෙම මස අවසන් වීමට පෙර ජනතාවට සහන මිලට ලබා ගැනීම සදහා වෙළඳපොළට නිකුත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති BCC ලංකා සමාගමේ මැදිහත් වීමෙන් මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.

දේශිය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණදී සිටින අමුද්‍රව්‍ය හිගයටද පිළියම් යොදා ඒ අනුව උසස් කැබළි පොල් ආනයනය කර නිසි ක්‍රමවේදයකට නිෂ්පාදකයන්ට බෙදාදීමට නියමිතයි.

දැනට වෙළඳපොලේ පවතින මිලගණන්වලට වඩා ඉතා අඩු මිලකට මෙම පොල් තෙල් බෙදා හැරිය හැකි බවත් ඒ සදහා එක්ව සිටින දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් පවසනවා.

පිළිකාකාරක නොමැති තත්ව පරීක්ෂාවෙන් ඉතා උසස් පොල් තෙල් මෙහිදී පාරිභෝගිකයාට ලබාගත හැකිවනු ඇති. (colombotimes.lk)



Source link