October 25, 2021

Ada Rata

All news in one location

මුහුදු බත් වෙමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට නොවැම්බර් වල කරන්න හදන දේ


මුහුදු බත් වෙමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නොවැම්බර් මස ආරම්භය පමණ වන විට මුහුදු කලාපයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

නෞකාව ඉවත් කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ අවසන් වූ බවයි එහි සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ.

විදේශීය සමාගම් සමඟ දේශීය සමාගම් කිහිපයක් ද ඒ සඳහා අයදුම් කර තිබෙන බවද ඇය සදහන් කළා.

මීට පෙර නෞකාවෙන් අඛණ්ඩව සාගරයට ඉන්ධන මුසුවුවත්, මේ වන විට මුසුවන්නේ දිනකට ලීටර් 20 ක පමණ ප්‍රමාණයක් පමණක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පැවසුවේ.

මේ අතර මුහුදු පතුලේ බහාලුම් කොපමණ පවතී ද යන්න සම්බන්ධයෙන් ද මේ වන විට ගවේෂණයක් ක්‍රියාත්මක වනවා.
(colombotimes.lk)

Viber



Source link