October 19, 2021

Ada Rata

All news in one location

මුහුදට වැටුණු රේගුවේ ජීප් රථය (VIDEO)


කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටිය ආසන්නයේ ඊයේ (18) රාත්‍රි 10ට පමන ජීප්රථයක් අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේ ආලෝකය මදිකම හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇති බව කොළඹ වරාය පොලීසිය සඳහන් කරයි.

අනතුරකට ලක්වූ පුද්ගලයා රේගුවේ සේවය කරන රියදුරෙකු වන අතර ශ්‍රී ලංකා රේගුවට අයත් ජීප් රථයක් එලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් ජීප් රථය වැටී ඇති අතර මීටර 15ක් පමණ ගැඹුරට ගිලී ගොස් ඇතැයි වාර්තා වේ.

පසුව නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ජීප් රථය ගොඩගෙන තිබේ.

අනතුරින් තුවාල ලැබු රියදුරු මේ වන විට කොළඹ, ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

(Ada derana web)



Source link