December 4, 2021

Ada Rata

All news in one location

මුතුරාජවෙල සංරක්ෂණය වෙන හැටි



මුතුරාජවෙල සංරක්ෂිත කලාපය සඳහා ඒ අවට වගුරු බිම් පමණක් පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. 

මුතුරාජවෙල තෙත් බිම ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කර කිරීම මත එවනි තීරණයකට එළඹී බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ.   

ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කලාපය සඳහා ඒ අවට පදිංචි කිසිදු අයෙකුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව අමාත්‍යවරයා කියා සිටියි. 

මෙම කාරණය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව සමග මේ වන විට පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර අදාළ වගුරුබිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මුතුරාජවෙල සංරක්ෂිත කළාපය රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතයි. 

ASK 




Source link