December 5, 2021

Ada Rata

All news in one location

මුතුරාජවෙල ගැන ගත් තීරණය – Colombo Times


මුතුරාජවෙල සංරක්ෂිත කළාපය සඳහා ඒ අවට වගුරු බිම් පමණක් පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.

මුතුරාජවෙළ තෙත් බිම ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව සමග මේ වන විට පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සඳහන් වෙයි.

මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා ඒ අවට පදිංචි කිසිදු අයෙකුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව ඔහු සඳහන් කළා.

පවරා ගැනීමෙන් අනතුරුව මෙය රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතව තිබෙන බවද සඳහන්. (colombotimes.lk)

Viber



Source link