November 29, 2021

Ada Rata

All news in one location

මිලාද් උන් නබි උත්සවය අදයි


ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ උපන් දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

අභිනතුමියට හා අබ්දුල්ලා යන අයට දාව මොහොමඩ් හෙවත් නබිනායකතුමා ක්‍රිස්තු වර්ෂ 571 දී උපත ලැබුවේ සෞදි අරාබියේ මක්කම නගරයේදීයී.

අදට යෙදෙන නබි නායක තුමන්ගේ උපන් දින සැමරුම ඉස්ලාම් දේවස්ථාන වල සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පැවැත්වෙන බවයි මුස්ලිම් උලමා කවුන්සිලයේ සභාපති මවුලවී මුබාරක් අබ්දුල් මජීද් පැවසුවේ.

මේ අතර මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, මෙවැනි දුෂ්කර කාලවකවානුවක් ජය ගැනීම සඳහා නබිනායක තුමාගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කර ගන්නා ලෙසයි.
(colombotimes.lk)

Viber



Source link