January 24, 2022

Ada Rata

All news in one location

මින්නේරියේ සිදුවීමට සම්බන්ධ යුද හමුදාවේ මේජර් ජනරාල් අත්අඩංගුවට


මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉකුත් ජුනි මස 23 වෙනිදා රාත්‍රියේ වනජිවි නිලධාරින් රාජකාරියේ යෙදී සිටියදී අනවසරයෙන් උද්‍යාන භූමියට ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිදුවීමක් හේතුවෙනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අදාළ යුද හමුදා මේජර් ජනරාල්වරයා විසින් හබරණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා සහ සෙසු සැකකරුවන් ඔවුන් පැමිණි වාහන ද සමග වහාම අත්අඩංගුවට ගන්නැයි ඊයේ(30) අධිකරණය නියෝග කරනු ලැබුවා.

අද දිනයේදී පොලිසියට භාරවීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq