November 29, 2021

Ada Rata

All news in one location

මිකී ආතර් එංගලන්තයේ ඩාබිෂයර් ප්‍රාන්තය හා එක්වෙයි ! මීලඟ ශ්‍රී ලංකා පුහුණුකරු මහේලද?



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා, එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් හා එක්වීමට නියමිතව තිබෙනවා. එංගලන්ත ඩාබිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මිකී ආතර් මහතා සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත්කර ඇති බවයි.

කෙසේ නමුත් මිකී ආතර් මහතා තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරින් ඉවත් වී නොමැත. 2020 වසරේ පෙබරවාරි මාසයේදී එම තනතුර බාර ගත් ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදීය.

හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අසාර්ථකවීම හේතුවෙන් ඔහුට තනතුරින් ඉවත්වීමට සිදු වූ අතර පුරප්පාඩු වූ තනතුර බාර ගැනීමට මිකී ආතර් මහතා ඉදිරිපත් විය. කෙසේ නමුත් ඔහුටද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීමට නොහැකි විය.

මිකී ආතර් මහතාගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස යළිත් දේශීය පුහුණුකරුවෙකු පත්වීමේ ඉඩක් පවතී. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් බළධාරීන්ද ඉඟි පළකර තිබිණි. ක්‍රීඩාලෝලීන් බොහෝදෙනාගේ අපේක්ෂාව වන්නේ මහේල ජයවර්ධන ජාතික පුහුණුකරු ධුරයට පත්වීමයි. අවසන් වූ 20/20 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේදී දැක්වූ සාර්ථකත්වය පිටුපස සිටින්නේ මහේල බව ක්‍රීඩාලෝලීන්ගේ හැඟීමයි.

UN

 




Source link