October 28, 2021

Ada Rata

All news in one location

මැදපෙරදිග රටවල් 06 ක සංචාරය කර මෙරටට පැමිණීමට පැනවූ තහනම ඉවතට


ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබෙනවා.

තහනම ඉවත් කළ ද, අදාළ රටවල්වලින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ.

අදාළ තහනම පැනවු රටවල් වන්නේ කටාර්, සෞදි අරාබිය, ඕමානය , බහරේනය , කුවෙට් සහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයයි. (colombotimes.lk)



Source link