October 26, 2021

Ada Rata

All news in one location

මැති‍ව්ගේ සහ අනිකාගේ ටෝකියෝ සහභාගීත්වය ස්ථිර වෙයි



ලබන මස ජපානයේ ටෝකියෝ නගරයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර් සුදුසුකම් ලබා ඇති බව අද නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙම ක්‍රීඩක – ක්‍රීඩිකා දෙපළ පිහිණුම් ක්‍රීඩාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වේ.

මැතිව් අබේසිංහ පසුගිය රියෝ ඔලිම්පික් උළෙලද නියෝජනය කළ අතර ඔහු මෙවරද මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්ව නියෝජනය කරයි. මැතිව් අවසන් වරට නේපාලයේදී පැවති සාග් තරගාවලියේදී රන් පදක්කම් 07 ක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහු සාග් වාර්තා 05 කට සහ ජාතික වාර්තා 08 කටද හිමිකම් කියයි.

මීටර් 100 සමනල ආර කාන්තා ඉසව්ව නියෝජනය කරන අනිකා ගෆූර් ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන්නේ පළමු වරටයි. ඇය සමනල ආර මීටර් 50 මෙන්ම මීටර් 100 ජාතික වාර්තා උසුලන ක්‍රීඩිකාවද වේ.

UN




Source link