October 17, 2021

Ada Rata

All news in one location

මාසයක් ස්ථාවරව පැවති ඩොලරය යළි ගණන් උස්සයි



ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල යළිත් රුපියල් 02 කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 204.89 ක් ලෙසයි.

අවසන් වරට ජුනි 23 වැනිදා ඩොලරයේ විකුණුම් මිල 202.89 ක් දක්වා ඉහළ ගිය අතර එතැන් පටන් මිල ස්ථාවරය පැවතිණි.

පසුගිය අප්‍රේල් 15 වැනිදා ඩොලරයක් සඳහා ඉහළ වටිනාකම වූ 204.62 වාර්තා වී තිබූ අතර අද වනවිට එම සංඛ්‍යාවද පසුකර වටිනාකම ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුවේ විනිමය අනුපාත එසේ වුවද මෙරට බොහෝ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 220 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලෙසයි.

බැංකු හරහාද ඩොලර් ගනුදෙනු හැකිතරම් සීමා කර ඇති අතර මේ නිසා ඩොලරය සඳහා කලුකඩ නිර්මාණය වී තිබෙනවා. කලුකඩවල ඩොලරය විකිණෙන්නේ රුපියල් 250 ක් වැනි ඉහළ අගයකටයි.

UN




Source link