November 30, 2021

Ada Rata

All news in one location

මාවනැල්ල සහ වරකාපොළ ප්‍රදේශ වල නිවෙස් මතට පස්කඳු කඩා වැටීම් දෙකක් වාර්තා වෙයි


කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටිමෙන් පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

දැඩි වර්ෂාපතනයත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට නායයැමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබුණා.

මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05) අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරනවා.

පැවැති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අදාළ පුද්ගලයා දැනුම්වත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබූ බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. (colombotimes.lk)

https://cutt.ly/8x88UzM



Source link