October 28, 2021

Ada Rata

All news in one location

මහ බැංකුව රුපියල් 02 කින් ඉහළ දමද්දී වාණිජ්‍ය බැංකු ඩොලර් විකුණුම් මිල 226 දක්වා ඉහළ දමයි



මහ බැංකුවේ විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල තවත් රුපියල් 02 කින් ඉහළ ගියේය. මේ වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 204.89 ක් ලෙසයි.

ඊයේ වනවිට මෙරට බොහෝ වාණිජ්‍ය බැංකු ඇමරිකානු ඩොලරයක් සඳහා අයකළ මුදල රුපියල් 220 සීමාවේ තිබිණි. කෙසේ නමුත් විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙකකින් ඉහළ යද්දී වාණිජ්‍ය බැංකු ඩොලර් විකුණුම් මිල රුපියල් 226 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එම මිලටද ණයවර ලිපි නිකුත් කිරීම ඉතා අසීරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ වනවිට ඇමරිකානු ඩොලරයක් සඳහා කලුකඩ මිල රුපියල් 260 ද ඉක්මවා ඇති බව වාර්තා වේ.

UN




Source link