January 24, 2022

Ada Rata

All news in one location

මහ කොමසාරිස් අමරසේකර බොට්ස්වානා හි ජාත්‍යන්තර කටයුතු සහ සහයෝගිතා ඇමති හමුවෙයි



මෑතක දී බොට්ස්වානා ජනරජයේ සංචාරයක නිරත වූ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා බොට්ස්වානා හි ජාත්‍යන්තර කටයුතු සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය ලෙමොගන්ග් ක්වාපේ මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගේ සුබපැතුම් ආචාර්ය ලෙමොගන්ග් ක්වාපේ මැතිතුමා වෙත පිරිනැමීය.

මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා මෙම සාකච්ඡාව අතරතුර දී දෙරට අතර පවත්නා මිත්‍රශීලී සබඳතාව ඇගයීමට ලක් කළ අතර ක්වාපේ මැතිතුමා බොට්ස්වානා හි ආර්ථිකයට සහ රාජ්‍ය පරිපාලන පද්ධතියට ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් සපයනු ලබන දායකත්වය අගය කළේ ය.

බොට්ස්වානා හි දියමන්ති කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අතර පවත්නා සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ දෙපාර්ශ්වය රැකියා අවස්ථා ඉහළ ප්‍රමාණයක්

උත්පාදනය කිරීම සහ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මෙම කර්මාන්තවල පවතින ශක්‍යතා අධ්‍යයනය කිරීමට එකඟ වූහ. බොට්ස්වානා හි දී කණින ලද උසස් තත්ත්වයේ දියමන්ති ශ්‍රී ලංකාවේ දක්ෂ

ස්වර්ණාභරණ ශිල්පීන් විසින් උසස් තත්ත්වයේ ආභරණ බවට පත් කළ හැකි බැවින්, මෙම කර්මාන්ත ආශ්‍රිත සහයෝගීතාවය දෙරටටම විශේෂාකාරයෙන් ප්‍රයෝජනවත් වේ.

තවද, ශ්‍රී ලංකාව සහ බොට්ස්වානා යන දෙරටේම තේ කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍ය ක්වාපේ මැතිතුමා, මේ සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා සහයෝගීතාව දිරිමත් කළේ ය. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බොට්ස්වානා ජනරජය සමඟ සමගාමීව අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ප්‍රිටෝරියා
2021 දෙසැම්බර් 04 වැනි දින




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq