December 4, 2021

Ada Rata

All news in one location

මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර අවදානමක්


ඊයේ රාත්‍රියේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟ වූ පරිදි මහවැලි ගංගාවේ ඉහල ප්‍රදේශවල ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණය තුළ නඩත්තු කරනු ලබන ගිරිඋල්ල ජල මිනුම් ස්ථානයේ අද පෙරවරු 7ට ජල මට්ටම මීටර් 8.94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ තත්ත්වය මත මහ ඔය ද්‍රෝණියේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නපුව, මීගමුව, කටාන, කාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ තත්ත්වයෙන් ජිවිත හා දේපළ ආරක්ෂා කරගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියැදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. (colombotimes.lk)

Viber



Source link