October 17, 2021

Ada Rata

All news in one location

මහේල උපදේශකයෙක් ‍ලෙස ජාතික කණ්ඩායමට එක්වෙයි




– 24 09 2021
– 18:59
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග තරාගවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් සිටින මහේල එම තරගාවලියේ නිමාවත් සමගින් ලෝක කුසලානයට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුලට මහේල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වීමට නියමිතය.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන කාලසීමාවේදී ඔක්තෝබර් 16 -23 දා තෙක් මහේල කණ්ඩායම සමගින් සිටිමින් සිය දැනුම හා පළපුරුද්ද කණ්ඩායම සමගින් බෙදා ගනු ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙක් ලෙසද මහේල කටයුතු කරන අතර එහිදී මාස පහක කාලයක් ඔහු නොමිලයේම කණ්ඩායම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශය මත මහේලව මෙම තනතුරු සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර කිබේ.





Source link