November 29, 2021

Ada Rata

All news in one location

මහින්ද ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවක් ඇති බව පාර්ලිමේන්තු ලේකම් මැතිවරණ කොමිසමට දන්වලා



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

සමරසිංහ මහතා‌ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව මේ වනවිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානයක මහතා මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. අද (25) දින සිට මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි අදාල ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ.

මහින්ද සමරසිංහ මහතා ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරය බාර ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත්හරින බව ඔහු පසුගියදා ප්‍රකාශ කර තිබිණි. තානාපති ධුරය බාර ගැනීම සඳහා ඔහු ඉදිරි දින කිහිපය තුළ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.




Source link