October 19, 2021

Ada Rata

All news in one location

මහින්දානන්දගේ කාබනික පොටෑසියම් පොහොර පැය කිහිපයකින් කාබනික පොහොර වෙයි



ලිතුවේනියාවෙන් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගයක් ඊයේ පස්වරුවේ කොළඹ වරාය වෙත පැමිණ තිබිණි. මෙම පොහොර තොගය මෙට්‍රික් ටොන් 30,000 කින් සමන්විත වේ.

මෙම පොහොර තොගය මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඊයේ පස්වරුවේදී සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණි.

එහි සඳහන්ව තිබුණේ ‘මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික ⁣පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබායි !’ යනුවෙනි.

කෙසේ වෙතත්, පැය පහකට පමණ පසුව එම සටහන සංශෝධනය කර තිබූ අතර පොටෑසියම් යන වචනය ඉවත් කර තිබෙනවා. දැන් එහි සටහන්ව තිබෙන්නේ ‘මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික ⁣පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබායි !’ කියාය.

මෙම පොහොර කාබනික පොහොර නොවන බවත්, කාබනික පොහොර ගෙන්වන බව පවසමින් මේ ගෙන්වා තිබෙන්නේ රසායනික‍ පොහොර බවත්, සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරන බොහෝදෙනා පවසනයි. මෙම තත්වය මත කෘෂිකර්ම ඇමතිවරයා සහ ආණ්ඩුව උපහාසයට ලක්කර ඇති අතර උසස්පෙළ කෙමිස්ට්‍රි ගුරුවරුන් මේ දක්වා උගන්වා ඇත්තේ බොරු බවද ඇතැමුන් පවසනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් යනු ස්වභාවික දෙයක් බව ඉගෙන ගැනීම සඳහා නැවත පාසල් යාමට සිදුවන බවද ඇතැමුන් පවසනවා.

ලොව විශාලතම රසායනික පොහොර නිෂ්පාදකයා බෙලරුස් රාජ්‍යය බවත්, ඔවුන් සිය පොහොර තොග අපනයනය කරන්නේ අසල්වැනි ලිතුවේනියා රාජ්‍යය හරහා බවත් සමහරුන් පවසනවා. මේ නිසා බෙලරුස් රාජ්‍යයේ නිෂ්පාදනය කරන රසායනික පොහොර ලිතුවේනියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණියා වියහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

UN




Source link