October 17, 2021

Ada Rata

All news in one location

මහාචාර්ය නිර්මාල් දේවසිරිගෙන් ආණ්ඩුවට ආර්ථික උපදේශයක්


මාසයක් පමණ රට ලොක්ඩවුන් කළා කියා ලංකාවේ සැබෑ ආර්ථිකයට කිසිවක් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඉන්ධන පරිභෝජනය වැනි දේ අඩුවී එය ආර්ථිකයට වාසියක් වනු ඇත. එය ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු නාගරික මධ්‍යම පංතිකයාට පමණි. මේ නිසා විපතට පත් වීමට නියමිත එදිනෙදා කීයක් හරි හොයාගන්නා පිරිස් රාජ්‍යය විසින් බලා ගත යුතුය. ඒ සදහා යන වියදම රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායම් උපයන පිරිස්වල ආදායමෙන් විශාල ප්‍රතිශතයක් ද ඉහළ පිරිවැටුමක් සහිත සමාගම්වල ලාභයෙන් විශාල කොටසක්ද මාස තුනක් පමණ කාලයකට රාජ්‍යය විසින් අත්පත් කරගැනීමෙන් කළ හැක. ඒ අරමුදල මගින් සෑම ආදායම් අහිමි පවුලකටම මාසකට රුපියල් ලක්ෂයක් පමණ බෙදා දිය හැක.

මේ හරහා මධ්‍යකාලීනව ආර්ථිකයට නව ජවයක්ද ලැබෙනු ඇත. විශේෂයෙන් මේ ලක්ෂයේ ප්‍රදානය ලබන ග්‍රාමීය පිරිස් වැඩිපුර ඒවා වියදම් කරනු ඇත්තේ දේශීයට නිෂ්පාදනය කරන දේ මිලදී ගැනීමට බැවින් නව ආර්ථික ව්‍යාප්තියක් ඇතිවනු ඇත.

ඒ අතර අයිපීඒල් තරග ලංකාවේ පැවැත්වීම, ධනවත් ඉන්දියානුවන්ට හෝටල්වල නිරෝධායන පහසුකම් සැපයීම වැනිදේ සෞඛ්‍යාරක්ෂිතව සිදු කර ධනය ඉපපීමටද පුළුවන.

ඉහළ මධ්‍යම පංතියට කුදගසාගන්නැයි කියා ආණ්ඩුවට දුප්පත් ජනයා දේශපාලන වශයෙන් බලමුළුගන්වා මේ ක්‍රියාමාර්ගය දියත් කළ හැක.

-නිර්මාල් දේවසිරි-





Source link