January 26, 2022

Ada Rata

All news in one location

මහනුවර ඇහැළේපොළ වලව්ව හැදෙන හැටි


වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කර තිබෙනවා.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නො වන පරිදි සිදු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දී ඇති බව සඳහන්.

මෙම අවස්ථාව සඳහා දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද එක්ව සිටියා. (colombotimes.lk)

Viber



Source link