December 5, 2021

Ada Rata

All news in one location

මම දන්නේ නැහැ චීන පොහොර නැව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන හැටි



චීනයෙන් ආනයනය කර තිබෙන ප්‍රමිතියෙන් තොර පොහොර නව හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනලර් කමල් ගුණරත්න මහතා පවසයි.

එම පොහොර භාවිතයට නුසුදුසු බවට තහවුරු කර තිබෙන හෙයින් එය ගොඩ බිමට ඇතුල් නොවන බවත් තව දින කිහිපයකින් නැවත එම නැව පිටත් වනු ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි,

”චීන නැව පැමිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ කොහොමද කියන  එක මට නම් හිතාගන්න අමාරුයි. ජාතික ආරක්ෂාව භාරව කටයුතු කරන රජයේ නිලධාරියා මම. චීනෙන් පොහොර නැවක් ආවා. ඒ පොහොර නැවේ තියෙන පොහොර පාවිච්චියට සුදුසු නැති හේතු තිබෙනවා කියල වාර්තා වුණා. ඉතින් ඒ නිසා රජයෙන් ඒ නැවේ තියෙන පොහොර තොගය ගොඩ බාන්න ඉඩදුන්නේ නැහැ. ඒක තහනම් කළා. තහනම් කර තිබෙන නිසා ගොඩබිමට එන්නෙත් නැහැ. නව දවස්  යයි. ඉතින් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැහැ” යනුවෙන්  ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.

ASK 




Source link