October 27, 2021

Ada Rata

All news in one location

මන්ත්‍රී හරීන් කොවිඩ් එන්නත විදගනියි


පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද දින කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

මෙරට ජනතාවගෙන් මිලියනයක සංඛ්‍යාවක් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් පසු තමන් කොවිඩ් එන්නත ලබා ගන්නා බවයි මන්ත්‍රීවරයා ඉකුත් පෙබරවාරි මාසයේදී කියා සිටියේ.

තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත ලබාදුන් වෛද්‍ය උපදෙස් අනුව කොවිඩ් මර්ධන එන්නත ලබාගැනීමට සිදුවූ බවත් සෙසු පුරවැසියන්ට ද එන්නත ලබාදීමට රජය පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



Source link