December 4, 2021

Ada Rata

All news in one location

මන්ත්‍රීවරුන්ට වාහන නැතුව බෑ දෙයියනේ



ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් පමණක් ප්‍රශ්න කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. මාධ්‍යවේදීන් පවා වාහන භාවිතා කරන නමුත් ඒ පිළිබඳව කිසිවෙකුගේ ඇඟිල්ල දිගු නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මාධ්‍යවේදීන් දෙසට ඇඟිල්ල දිගු නොවන්නේ මන්දැයි විමසා සිටිනවා.

‘මන්ත්‍රීවරුන්ට පාක්ෂිකයන්ගෙ මගුල් ගෙදර යන්න ඕන, මළ ගෙදර යන්න ඕන. මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ’ යනුවෙන් අද පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බවත්, මේ වනවිට ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව වැනි දැවැන්ත රටවල් පවා අර්බුදයට මුහුණ දී සිටින බවත් දිසානායක මහතා පවසනවා. විපක්ෂය පවසන ආකාරයේ කඩා වැටුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්ව නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඇමරිකාවටත් වඩා මෙරට ආර්ථිකය ස්ථාවර බවයි.

මහා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය 22.5% කින් කඩා වැටී ඇති බවත්, ඉන්දියාව 9.7% කින්, ඇමරිකාව 12.8 කින් කඩා වැටී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී තිබෙන්නේ 3.8% කින් පමණක් බව සඳහන් කරනවා.

UN




Source link