October 26, 2021

Ada Rata

All news in one location

මධ්‍යම පළාත තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සිඝ්‍රයෙන් ඉහළට


ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2386 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 338 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්හින්න 32ක්, මහනුවර 33ක්, කටුගස්තොට 24ක්, නාවලපිටිය 20ක්, පල්ලෙකැලේ 15ක්, පේරාදෙණිය 19ක්, පුජාපිටිය 23ක්, තලාතුඔය 27ක් සහ තෙල්දෙනිය 17ක් ලෙස ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 300 ක සීමාව ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.

මේ අතර ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 321ක් දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. බුලත්සිංහල 45ක්, බදුරලිය 39ක්, පානදුර – දකුණ 87ක්, මිල්ලනිය 20ක්, මතුගම 24ක් සහ හොරණ 19ක් ලෙස ආසාදිතයින් වාර්තාවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. මිරිහාන 37ක්, පාදුක්ක 30ක්, කොට්ටාව සහ මහරගම ආසාදිතයින් 15 දෙනා බැගින්, බොරැල්ල 22ක් සහ දෙමටගොඩ 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 288 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. නුවරඑළිය 173ක්, ලිඳුල 21ක්, පුඩලුඔය 37ක්, බගවන්තලාව සහ හැටන් ප්‍රදේශවලින් ආසාදිතයින් 13 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මිගමුව 43ක්, මීරිගම 13ක්, ගම්පහ 27ක් සහ දිවුලපිටිය 23ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 181ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 36ක්, පන්නල 23ක්, කටුපොත 19ක්, ගොකරැල්ල 17ක්, ගිරිඋල්ල 13ක් සහ පොල්පිතිගම 16ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වැලිගම 50ක්, මාතර 31ක් සහ මාලිම්බඩ 14ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක්, කෑගල්ල 23ක්, බදුල්ල 26ක්, අම්පාර 41ක්, ත්‍රිකුණාමලය 05ක්, අනුරාධපුර 98ක්, වව්නියාව 10ක්, මුලතිව් 03ක්, මන්නාරම 12ක්, රත්නපුර 94ක්, පුත්තලම 81ක්, යාපනය 33ක්, කිලිනොච්චිය 04ක්, පොළොන්නරුව 11ක්, හම්බන්තොට 72ක්, මොණරාගල 64ක්, මඩකලපුව 19ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 20ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 941ක් ලෙස ඉහළ ගොස් ඇත.



Source link