October 27, 2021

Ada Rata

All news in one location

මත්පැන් හල් විවෘත කිරීමට සීමිත අවස්ථාවක්



හෙට දිනයේදී සංචරණ සීමා ඉවත් කිරීමත් සමග මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු බලපත් සහිත ස්ථාන සඳහා සීමිත අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මත්පැන් අලෙවි කිරීම සඳහා පමණක් අවස්ථාව හිමිවන අතර මත්පැන් පානය කරන ස්ථාන විවෘත කිරීමට අවස්ථාව ලබා දී නොමැත.

මත්පැන් හල් විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කිහිපයක් පනවා තිබෙනවා.

  1. 2021 ජුනි 21 දින සිට වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු ර.බී. 04 බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සදහා වන සුරාබදු ර.බී 22A බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවක් තුළදී ක්‍රියාත්මක කළ හැකිය මීට අමතරව පාරිභෝගිකයිනට මත්පැන් අලෙවි නොකරන හා මත්පැන් බෙදාහරීමේ යෙදී සිටින සුරාබදු ර. බී. 03 හා සුරාබදු අ.නි. 06 තොග වෙළෙඳ බලපත්‍ර ලත් ස්ථාන ද ක්‍රියාත්මක කළ හැකිය.
  2. එම ස්ථානයෙහිම හිද මත්පැන් පානය කිරීම සඳහා වූ ආපනශාලා, හෝටල්, ආගන්තුක නිවාස, තානායම්, සිනමා ශාලා හා සමාජ ශාලා ආදිය සදහා ලබාදී ඇති සුරාබදු බලපත්‍ර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකළ යුතුය.
  3. කෙසේ වුවද විවෘත කිරීම සඳහා අවසර දී ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත පාරිභෝගික තදබදය වළක්වා ගැනීමේ අරමුණින් එම පුද්ගලයින් අතර පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවට වග බලා ගැනීම සඳහා එම බලපත්‍ර ලත් ස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට මේ වන විටත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා විසින් නියෝග ලබාදී ඇති අතර එම කාර්යය අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ට හා පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
  4. නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.

UN




Source link