November 30, 2021

Ada Rata

All news in one location

මත්පැන් “කාලේ බෝතලේ” තහනම් කිරීමට අවධානය


මත්පැන් මිලි ලීටර් 180 බෝතල් හෙවත් කාළේ නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් සිදුකළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන් වයස් කාණ්ඩ තුනක් යටතේ ඔවුන් සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් මත්පැන් මිලි ලීටර් 180 බෝතලය තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම සමීක්ෂණයට සමස්ථ සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්‍යාපන මට්ටමේ පුද්ගලයන් මේ සදහා දායක කරගත් බවයි සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී අදාළ තීරණය ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)

Viber



Source link