October 19, 2021

Ada Rata

All news in one location

මත්පැන්හල් විවෘත කිරීමෙන් දැඩි කොරෝනා අවධානමක්…


September 21, 2021 at 2:20 am | lanka C news

මත්පැන්හල් විවෘත කිරීමෙන් දැඩි කොරෝනා අවධානමක්…

නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවක උතුරු පලාතේ පවතින කොරෝණා අවධානමත් සමග මත්පැන්හල් විවෘතව කිරීමෙන් තවත් කොරෝණා පොකුරක අවධානමක් ඇති ළුූ බවට උතුරේ සොඛ්‍ය නිලධාරීන් පවසා සිටිති.

යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි නගරවල පිහිටි මත්පැන්හල් එකවරම විවෘත කිරීම නිසාත් අදාල මත්පැන්හල් සුලු වේලාවක් පමණක් විවෘතව තැබෙන බවට පැතිර තිබූ රාවයක් නිසාවෙන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් උතුරේ මත්පැන් ලෝලීන් දිගු පෝලිම් ගැසී සිටියහ.

මේ අතුර වවනියාව දිස්ත්‍රීක්කයේ පිහිටි මත්පැන් හල් 4 ක හිමිකරුවන් විසින් නිසි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් එම මත්පැන් හල් 04 මුද්‍ර තැබීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගැනීමත් සමග වව්නියාවේ ඉතිරිව තිබූ විවෘතව තැබුනු මත්පැන්හල් වෙතට විශාල ප්‍රමාණයක් පෙලගැසීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

තත්වයන් පාලනය කිරීමට පොලීසියද පැමිණි අතර එහිදී සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය නොකොට නිරෝධායන නීථි කඩකරන ලද පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලීසිය පියවර ගනු ලැබීය.

එමෙන්ම උතුරු පලාතේ පවතින වත්මන් වාතාවරනයත් සමග තවත් මත්පැන් කොරෝණා පොකුරක් ඇතිවී කොරෝණා ආසාදනය වැඩිවීමේ අවධානමක්ද පවතින බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

245 views



Source link