October 25, 2021

Ada Rata

All news in one location

මත්කුඩු භාවිතා කර රිය පදවන පුද්ගලයින් හඳුනා ගැනීමේ උපකරණයක් එයි


මත්කුඩු භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

යම් අයකු මත්කුඩු භාවිතා කර ඇත්ද යන්න එම උපකරණ යොදාගෙන කෙල සාම්පලයක් මගින් විනාඩි 15ක් 20ක් වැනි කාලයදී හඳුනාගත හැකි බවයි ඇමතිවරයා සඳහන් කර සිටියේ.

මෙම උපකරණ මගින් දින තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ මත්කුඩු ලබාගෙන ඇති අය හඳුනාගෙන ඇති බවත් රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණවලින් විශාල ප්‍රමාණයකට මත්කුඩු භාවිතය හේතු වී ඇතත් ඒවා භාවිතා කරන්නන් හඳුනාගත හැකි උපකරණ මෙරට නොතිබූ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රිය අනතුරු හේතුවෙන් වසර 10කදී 27,000 ක් මිය ගොස් ඇතැයි කී ඇමතිවරයා මේ වසරේ ගතවූ කාලයේදී පමණක් මරණ 750ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කර සිටියා.

එම මරණවලින් මත්ද්‍රව්‍ය නිසා සිදුව ඇත්තේ සියයට 10ක් පමණක් බව කී ඇමතිවරයා සියයට 40කට පමණ හේතුව අධික වේගය බවත්, අධික වේගයෙන් රිය පදවන්නන්ගෙන් බහුතරය මත්කුඩු භාවිතා කරන්නන් බව හෙළිවී තිබෙන බව සඳහන් කර සිටියා.

මත්පැන් භාවිතා කර රිය පදවන්නන් හඳුනාගැනීමේ ක්‍රමවේද පවතින නමුත් මත්කුඩු භාවිතා කරන්නන් හඳුනාගැනීමේ ක්‍රමයන් නොපැවතීම අඩුවක් බව ද සඳහන් කළේ.



Source link