December 4, 2021

Ada Rata

All news in one location

භූමිතෙල් ඉල්ලුම දෙගුණ වෙලා, දැන් බස් දුවන්නෙත් භූමිතෙල්වලින්



භූමිතෙල් සඳහා අධික ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, දින කිහිපයක් තුළ භූමිතෙල් ඉල්ලුම දෙගුණයක් වී ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සහ ගෑස් හිගයක් පැවතීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව ආහාර පිසීම සඳහාද භූමිතෙල් භාවිතා කරන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

මීට අමතරව ඇතැම් කම්හල්වල යන්ත්‍ර සූත්‍ර භාවිතය සඳහාද භූමිතෙල් භාවිතා කිරීමට පුරුදු වී ඇති අතර මීට අමතරව බෝට්ටු හා බස්රථ පවා භූමිතෙල් භාවිතා කර ධාවනය කරන බවද ඇමතිවරයා පවසනවා.

ඩීසල් භාවිතයට වඩා භූමිතෙල් භාවිතය ලාභදායී වන අතර මේ නිසා වෙනදා ඩීසල් භාවිතා කරන පුද්ගලයන් ඒ වෙනුවට භූමිතෙල් භාවිතයට හුරු වී ඇති බවද ගම්මන්පිල මහතා සඳහන් කරයි.

UN




Source link