January 26, 2022

Ada Rata

All news in one location

භානුක ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට හේතුව හෙළිවේ


තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.

ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තමන් පීතෘත්වයේ වගකීම් දැරීමට සූදානමින් සිටින බැවින් සහ සිය පවුලේ වගකීම් ගැනත් සලකාබැලීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

30 හැවිරිදි වියේ පසුවන භානුක රාජපක්ෂ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 05කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18 කට ක්‍රීඩා කර තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link