October 26, 2021

Ada Rata

All news in one location

භාණුක, මිනොද් හා අකිල ඉවතට – චන්දිට අවස්ථාවක් |




– 7 09 2021
– 14:10
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනස්කම් තුනක් සමගින් තරග කරයි.

ඒ අනුව භානුක රාජපක්ෂ, මිනෝද් භානුක හා අකිල ධනංජය ඉවත් කර තිබේ.

ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල්,  කමිඳු මෙන්ඩිස් හා මහේෂ් තීක්ෂණ කණ්ඩායමට ඇතුළත් කර තිබේ. මහේෂ් තීක්ෂණගේ මංගල එක්දින තරගය මෙයයි.

දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට එක්ව තිබෙන්නේ තරග කිහිපයට පසුව වන අතර ඒ වෙනුවෙන් ඔහු දේශීය පිටියේදී දක්ෂතා අතරට පැමිණියේය.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට එක්දින තරගාවලියේ ශූරතාව හිමිවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම – අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජයද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග,චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහිෂ් තීක්ෂණ, ප්‍රවීණ් ජයවික්‍රම.





Source link