November 29, 2021

Ada Rata

All news in one location

බෝම්බකරු බෝම්බය පිපිරීමෙන් මරුට | Gossip Lanka News


රෝහලක් අසල සිදුකළ බෝම්බ පිපිරීමකින් මියගිය පුද්ගලයාව බ්‍රිතාන්‍යය ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉමාඩ් අල් ස්වීල්මීන් නම් එම පුද්ගලයා බෝම්බයක් රැගෙන කුලී රථයක යමින් සිටියදී එම බෝම්බය පුපුරා ගොස් තිබුණි.

ඉන් ඔහු මියගිය අතර මෝටර් රථයේ රියදුරාට හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.

යුද විරුවන් සැමරීම සඳහා විනාඩි දෙකක් නිශ්ශබ්දතාවක් සඳහා එම කුලී රථය මාර්ගයේ නවත්වා සුළු මොහොතකින් පසු එය තුළ පිපිරීම සිදුවිය.

එය ත්‍රස්ත ක්‍රියාවක් බව බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසීය.

ඉන් අනතුරුව ත්‍රස්ත පනත යටතේ ලිවර්පූල් ප්‍රදේශයේදී සිව් දෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ව කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කර තිබුණි.

මෙම සිදුවීමෙන් අනතුරුව එක්සත් රාජධානිය මුහුණ දී ඇති ත්‍රස්ත තර්ජනය “දරුණු” තත්ත්වය දක්වා ඉහළ දමා තිබේ.

පොලීසිය පැවසුවේ ඉමාඩ් අල් ස්වීල්මීන් කෙන්සිංටන් ප්‍රදේශයේ සට්ක්ලිෆ් වීථියේ නිවසක ජීවත් වී ඇති බවත් එම නිවාසය පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන් ක්‍රියාකළ බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

1

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

1

මලපනිනව !

0

කුජීතයි !

0



Source link