October 26, 2021

Ada Rata

All news in one location

බොහෝ දෙනා විහිළුවට ගනිද්දීත් යුතුකම ඉටු කළ රනිල් ….



රනිල් දැන් නැවත වතාවක් බර පතල අනතුරු ඇගවීමක් කර තිබේ.

ආර්ථිකය නැවත ගොඩ ගත හැකි වුවද මියයන මිනිසුන්ට යලි ජීවය දිය නොහැකි බවත් එම නිසා දැන්වත් සෞඛ්‍ය අංශවලට නිසි තීරණ ගැනීමට ඉඩ දෙන්නයි රනිල් රජයෙන් ඉල්ලා තිබේ.

කොවිඩ් පැතිරීමේ බර පතලම අනතුර ඇත්තේ මාලු වෙළද සල් එළවලු වෙළද සල් හරහා බව රනිල් කීවේය,
එය ඇස් පනා පිට ඇත්තක් විය.

කොවිඩ් දෙවන රැල්ල ගැන මුලින්ම කීවේ රනිල්ය,
පෞද්ගලික රෝහල් හෝ තාවකාලිකව රජයට ගෙන පෙර සූ දනම් ව සිටින්නයි රනිල් බර පතල අනතුරු ඇගවීමක් රජයට කලේය,
දැන් රටේ සුව පද්ධතිය බිද වැටීම ඇරඹ් තිබේ.

එන්නත්කරණය ගැන රනිල් මුලින්ම කියන විට සහ ධම්මික පැණිය සහ එන්ජින් ඔයිල් අතර වෙනසක් නැතැයි රනිල් කියන විට බොරු ජාති වාදියෝ රනිල් පර ගැතියා යැයි පර සක්වල ගැසූහ, දැන් ඇත්ත ඇස් පනා පිටම ඔප්පු වී තිබේ.

රනිල් කොවිඩ් තුන්වන රැල්ල ගැන කීවේ ත් එහි බිහිසුණු කම කීවෙත් තමා වෙනුවෙන් නොව රට වෙනුවෙනි,
එහෙත් උද්දච්ච මෝඩයෝ ඒ කිසිවක් ගනණකට ගත්තේ නැත.

රනිල් ට ඉතා සුවපහසු දිවියක් නිස්කලංකයේ ගෙවීමට ඕනෑ තරම් වත්කම් තිබේ,
ඕනැම බට හිර රටකට ගොස් සුවසේ ජීවත් විය හැකිය,
කැළණි ගගෙන් මහත් ශබ්දයක් නගා ගෙන  නාගයා මතුවීම පරම ඇත්තක් වන බහුතරයක් සිටින රටකට රනිල් කියන දේ වැඩකට නැත,
ඔව්නට රනිල් විහිලුවකි,

එහෙත් තමා සතු දේ මේ වනවිටත් උගත් පාසලටත් වෙහෙර විහාර නඩත්තුවටත් වෙන්කර ඇති රනිල් තවමත් කරන්නේ තම යුතුකමය.

ඉටු කොට කල යුතු          යුතුකම් 
ලැබුනත් ලෝකෙන්          ගැරහුම්
ඉවසන්නට පුලුවන්                 නම්
නුබයි මගේ පුතා                   උතුම්

– ගුණදාස රාජපක්ෂ 




Source link