October 18, 2021

Ada Rata

All news in one location

බූස්ටර් එන්නතක් ලබාදීමට සුදුසු අය ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගේ යෝජනා මෙන්න


එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන්ට බූස්ටර් එන්නතක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරනවා.

මේ අතර, එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවා.

ඒ අනුව එම එන්නත් ලබාදිය යුතු ආකාරය පහත පරිදි යෝජනා වී තිබෙනවා.

  • දැනට එන්නත් ගහපු නැති අයට අවුරුදු 18 සිට – 60 දක්වා සයිනොෆාම් එන්නත
  • තැලිසීමියා වැනි ලෙඩ තියෙනවා නම් අවුරුදු 12 – 18 කාණ්ඩයට පමණක් ෆයිසර් මාත්‍රා 2ක්
  • අවුරුදු 12 – 18 ළමුන්ට ෆයිසර් එන්නත
  • අවුරුදු 12 – 18 දක්වා වකුගඩු රෝග හෝ පිළිකා වැනි රෝග තියෙන දරුවන්ට ෆයිසර් මාත්‍රා 2ක්

එමෙන්ම අවුරුදු 60ට වැඩි ඇස්ට්‍රෙසෙනෙකා, මොඩර්නා, ෆයිසර් ගත් අය මාස 06ක් ඇතුළත මිය නොයන බවත්, බරපතළ රෝග ලක්ෂණ ඇතිවීම අඩු නිසා මාස 06කට පසු ඔවුන්ට බූස්ටර් මාත්‍රාවක් දිය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ. (colombotimes.lk)

Viber



Source link