January 19, 2022

Ada Rata

All news in one location

“බුදුපුත් මාපිය හරසර” ගිවිසුම් ගත කෙරේ


“බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ, ඊයේ (04) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී.

සම්බුදු සසුනට තම දරුවන් පූජා කළ අවුරුදු 25-59 අතර භික්ෂූන් වහන්සේලාගේ හා සිල්මාතාවන්ගේ මාපියන්ගේ සුරක්ෂිතභාව වෙනුවෙන් මෙය ක්‍රියාත්මකයි.

මෙහි ප්‍රතිලාභ සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ගෙවනු ලබනවා.

දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතාව මත අවුරුදු 60 ඉක්ම වූ පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයකි. (colombotimes.lk)

Viber



Source link